Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් සැකකාරියක් ගැබිණි කාන්තාවක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් දෙදෙනා පානදුර හොරෙයිතුඩුව, බණ්ඩාරගම, වාද්දුව, එගොඩඋයන යන ප්‍රදේශවලට හෙරොයින් බෙදා හැර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ. පානදුර, උතුර, පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පානදුර ගොරකාන සුසාන භූමිය අසළ විශේෂ රථවාහන මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මොවුන් ළග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 850ක් ද පොලිසිය සොයා ගත්තා. ඩුබායි රාජ්‍ය යේ රැදී සිටින රත්මලාන සයිමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරටට  එවා තිබූ මත්ද්‍රව්‍ය තොග මෙම සැකකාරියන් බෙදා හැර ඇති බවටයි පොලිසිය පවසන්නේ.

 

 

The post යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG