Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරීපත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව නිලධාරී මණ්ඩල තෝරා පත් කර ගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාර්ක් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා ලෙස එක් වුණා. මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරයා ලෙස තේරී පත් වුණේ මහාචාර්ය චරිත හේරත් මහතායි. උප සභාපතිවරුන් ලෙස අරවින්ද් කුමාර්,  වීරසුමන වීරසිංහ,  මර්ජාන් ෆලින් යන මන්ත්‍රීවරුන් තේරි පත් වුණා. භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පත් වූ අතර උප ලේකම් ලෙස පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් එම් මුෂ්රෆ් මහතායි.

 

 

The post මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG