Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති කෙහෙලිය රජයේ රෝහල් වෙත උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය පිලිබඳ වාර්තාවක් ඉල්ලයි  

Add comments

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර ග්‍රාමීය රෝහල්වල හිගයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබද අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේ දී හෙළි කෙරුණා. මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මගින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුණා. පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ වර්ජන රැල්ලක් ඇති වූ බැවින් වැටුප් ඉහළ නැංවීමේ දී පොදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේ දී සාකච්ඡා කෙරුණා.

ඉකුත් වසර කිහිපය තුළ ඖෂධ වර්ග රැසක් මෙරටට වැඩියෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් ද අවදානය යොමු වුණා. ඇතැම් වසරවල අධි ප්‍රතිශතයෙන් ඖෂධ ආනයනය කර තිබූ බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. ඖෂධවලට අදාළව ජාතික ප්‍රතිපත්තියක් ආරම්භ කර දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආයුර්වේද උපාධිධාරීන්ට ප්‍රා දේශීය වශයෙන් ආයුර්වේද බෙහෙත් ශාලා ආරම්භ කර රැකියා ලබා දීමේ සැලසුමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේ දී ප්‍රකාශ කළා.

 

The post ඇමති කෙහෙලිය රජයේ රෝහල් වෙත උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය පිලිබඳ වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG