Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බාබඩෝස් රාජ්‍ය ජන රජයක් වෙයි  

Add comments

එලිසබත් මහ රැජිනගේ රාජ්‍ය නායකත්වයෙන් මිදුණු බාබඩෝස් රාජ්‍ය ජන රජයක් ලෙස නම් කෙරුණා.

වසර 400 ක පමණ  බ්‍රිතාන්‍ය පාලනයෙන් අනතුරුව 1966 වසරේ දී බාබඩෝස් රාජ්‍යයට නිදහස හිමි වුණා. එරට 55 වන නිදහස් දිනය යෙදී ඇත්තේ අද දිනටයි. බාබඩෝස් රාජ්‍ය ජන රජයක් බවට පත් වන බව නිදහස් දින උළෙලට සමගාමීව නිවේදනය කෙරුණා.

මහා බ්‍රිතාන්‍ය යේ කිරුළ හිමි චාල්ස් කුමරු,  සුප්‍රසිද්ධ ගායිකා රිහානා හා බාබඩෝස් රාජ්‍ය යේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ සැන්ඩ්‍රා මේසන්ගේ සහභාගිත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. තේරීපත්වූ නව ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමද අද සිදු වුණා.

බ්‍රිතාන්‍ය යේ එලිසබත් රැජින බාබඩෝස්  රාජ්‍යයේ රාජ්‍ය නායකයා ලෙස අද සිට පිළි නොගන්නා අතර එම ධුරය ජනාධිපතිවරියට හිමි වනවා.

 

 

The post බාබඩෝස් රාජ්‍ය ජන රජයක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG