Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඛණිජ තෙල් බෙදාදීමේ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීමේ කිසිදු තීන්දුවක් ගෙන නැහැ  

Add comments

ඛණිජ තෙල් බෙදාදීමේ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීමේ කිසිදු තීන්දුවක් ඒ පිළිබදව සාකච්ඡාවක් සිදුවී නොමැති අතර ඉදිරියේදීද එවැන්නක් සිදු නොවනු ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

රටෙහි විදේශ විනිමය හිඟයක් පවතින අතර එම හිඟය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු ගැටලු ගණනාවක් මතුව ඇතැයිද, මෙය වර්තමාන ලෝක අර්බුදයත් සමග මෙරටටද ඇතිවී ඇති අර්බුදයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ විනිමය හිඟයට ප්‍රධාන වශයෙන්, සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශ ප්‍රේෂණ අඩුවීම ඇතුළු කරුණු රැසක් බලපා ඇතැයිද, මෙම රජය බලයට පත්වන විට ඉන්ධන ආනයනය සදහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයවූ බවද සිහිපත් කළ අමාත්‍යවරයා, එවකට බොරතෙල් බැරලයක මිල ඩොලර් 42ක්ව පැවති බවද, වසර දෙකකට පසු මේ වන විට ඩොලර් 80 දක්වා වැඩිවී ඉන්ධන ආනයන වියදම් දෙගුණ වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඉන්ධන පාරිභෝජනය පැත්තෙන් කිසිදු අඩුවක් සිදුනොවී ඇතැයිද, එමනිසා විහාල වියදමක් දැරීමට සිදුව ඇතැයිද රට ආනයනයේදී ප්‍රමුඛතාවය ලබාදෙනුයේ ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය සම්බන්ධව සියලු පහසුකම් සහ සේවා සඳහා බවද සිහිපත් කළ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ඒ අනූව උපරිම ප්‍රමුඛත්වය අවශ්‍ය අංශ වලට ලබාදෙන බව කීය.

රටේ බඩු හිඟයක් ඇති නොවී ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පරිවර්තනය කොට ජනතාවට පුවවන් උපරිමයෙන් සහන සළසා දීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවද මෙය අර්බුදයක් මැද ඇති කාරණයක් වන බැවින් ඉදිරි මාස 06ක කාලය ලෝක තත්ත්වය යහපත් වී රටේ තත්ත්වය යහපත් වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

The post ඛණිජ තෙල් බෙදාදීමේ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීමේ කිසිදු තීන්දුවක් ගෙන නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG