Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 158 ක දුම්රිය ඉතිහාසය වෙනස් වේ  

Add comments

වසර 158 ක මෙරට දුම්රිය ඉතිහාසයේ දැවැන්තම කාර්ය ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන බව  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මාලඹේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ල දුම්රිය ව්‍යාපෘතියේ මූලික අදියර ක්‍රියාත්මක කරමින් එහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත භාරදීම අද (29) සිදුකෙරුණා.

ජපන් ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී ෆුසාටෝ ටනාකා මහතායි එම වාර්තාව නිල වශයෙන් අමාත්‍යවරයා වෙත භාරදුන්නේ. ජපන් ජයිකා ආයතනයේ ණය ආධාර යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. සමස්ත ව්‍යාපෘතිය සදහා වැය කිරීමට නියමිත මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 1700 ක්. එම මුදල ජයිකා ආයතනය මගින් සියයට බින්දුවයි දශම එකක පොලියක් මත සහන ණය මුදලක් ලෙසයි ලබාදෙන්නේ. මේ වනවිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. 2019 වසර ඇතුළත විස්තරාත්මක සැලසුම නිම කිරීමට සහ 2020 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැළසුම්කර තිබෙනවා.

2024 වසරේදී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි. මෙය රට ණය කරන ව්‍යාපෘතියක් නොව රට උද්දීපනය කරන ව්‍යාපෘතියක් බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක,

මීට සමගාමීව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද සිදුකෙරුණා. මෙමගින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ සියලු තොරතුරු ජනතාව වෙත ලබාගත හැකි වනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG