Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“තුරුණු දිරිය” රට පුරා  

Add comments

යොවුන් ව්‍යවසායකයන් නගාසිටුවීම අරමුණු කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයට මේ වන විට දිවයින පුරා සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතී.

පසුගිය දා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වනු ලැබු ප‍්‍රගති සමාලෝචන සැසියේ දී ශ්‍රී ලංකා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මෙම තොරතුරු අනාවරණය කරන ලදී.

මේ වනවිට ණය යෝජනා ක‍්‍රමය සඳහා සුදුසුකම් සහිත ප‍්‍රතිලාභීන් 904 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින්  519 දෙනෙකු සඳහා ව්‍යාපාර සැලසුම් සකස්කර අවසන් කර තිබේ.

මෙම ව්‍යාපාර සැළසුම් අතරින් 366ක් ලංකා බැංකුව වෙත බාරදීම සඳහා මේ වන විට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර 100කට අධික ව්‍යාපාර සැලසුම් සඛ්‍යාවක් ලංකා බැංකුව වෙත බාර දී ඇති බවත් එහි දී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් හෙළි  ඇත.

තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මඟින් උපාධියක් පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඇප නොමැතිව/ලිහිල් ඇප ක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය කරයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියලුම දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මක වේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG