Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම සංවර්ධනය කරන ජාතික වැඩපිළිවෙල කඩිනමින්  

Add comments

ගම සංවර්ධනය කර ග්‍රාමීය ජනතාව ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම සදහා වන ජාතික වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා .

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ හැකියාවට රැකියාවක් මෙන්ම ගමට ව්‍යාපාරිකයෙක් බිහිකිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට තමන් මැදිහත්ව කටයුතු කරන බවයි . එහි පළමු පියවර ලෙස ධිවර හා ජලජ සම්පත සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශයේ මුලිකත්වයෙන් අනෙකුත් අමාත්‍යංශ සහ ආයතනවල සහය ලබාගනිමින් ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත . මේ යටතේ ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන කඩිනම් වැඩපිළිවෙල සදහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කිර්මට කටයුතු කර තිබේ.

ඒ යටතේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සියලු ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු , ග්‍රාම නිලධාරී , සංවර්ධන සහකාර නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන , කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ඇතුළු නිලධාරීන් පළමු පියවර යටතේ දැනුවත් කර මෙම ජිවනෝපාය සංවර්ධන වැඩපිළිවෙල ගමට ගෙනයාම අරමුණයි .

මෙතෙක් සිදුවුයේ රජයෙන් ලැබෙන ආධාර ප්‍රමාද වූ විට හෝ ලැබෙන ආධාර නොලැබීම මත අදාළ වැඩසටහන් අතර මග නැවතීම වුවත් නව වැඩපිළිවෙල යටතේ එවැනි කඩාවැටීමක් සිදු නොවන බවත් , පළමු පියවරේ දී ම සියලු සහය , මුදල් , දැනුම , උපකරණ මෙන්ම නිෂ්පාදන සදහා වෙ‍ළදපළ නිර්මාණය කරදෙන බැවින් තමන්ගේ හැකියාව සහ උනන්දුව මත ලබන ආදායම වැඩි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙල කිසිදා අතරමග නතර නොවනු ඇති බවත් , ගම සංවර්ධනය කළ යුත්තේ ගමේ ජනතාව නගාසිටුවාලමින් යන්න මුල් කරගනිමින් මෙම ජිවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළා .

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG