Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභය ඇතුළු අට දෙනෙකුට එරෙහිව නඩුව ජුලි 11 වනදා යළි කැදවීමට නියෝග  

Add comments

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසන් සභාව ගොනු කළ නඩුව ලබන ජුලි 11 වනදා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(29) නියෝග කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් තුන්දෙනෙකු වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, සහ ජයන්ත පෙරේරා යන මහත්වරුන් මෙන්ම ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති,  පාලිත පියසිරි ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර යන මහත්වරුන්ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් එම පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගය ජුනි මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බවත් අදාළ පාර්ශ්වයන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දන්වා සිටියා. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන අයුරින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම තුළින් රජයට රුපියල් බිලියන 11 යි දශම 4 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා තිබෙන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG