Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්ත ප්‍රහාරයේ අත්‍යවශය හය දෙනාම සොයා ගැනේ – රටේ ආරක්ෂාවට සේනාංක 7ක්  

Add comments

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 44 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්‍යවශයව සිටි සැකකරුවන් හය දෙනාම මේ වන විට සොයා ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

අප්‍රේල් 21 දින එල්ල කළ බෝම්බ ප්‍රහාරයට අදාළ සැක කරුවන් 44ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශනසිදු වෙනවා. ඉන් 7ක් කාන්තාවන්. අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 15ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. ඒ සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා.

මෙම සැකකරුවන් 15 දෙනාගෙන් සැකකරුවන් 07ක් අත අඩංගුවට ගෙන තිබෙන්නේ දෙහිවල බෝම්බ සිද්ධියට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කරයි.

අනෙක් 8 දෙනා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට බාරදුන් සැකකරුවන්.

මෙහිදී අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ දිවයින පුරා ආරක්ෂාවට සේනාංක 7 ක් යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG