Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආගමික සහ වාර්ගික ගැටුම් සඳහා අසත්‍ය පතුරුවන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අගමැති කියයි  

Add comments

ආගමික සහ වාර්ගික ගැටුම් ඇති කිරීම සඳහා අසත්‍ය ප‍්‍රචාර පතුරුවන පුද්ගලයන් සහ ජනමාධ්‍ය පිළිබද දැඩි පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.

විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු සියල්ල පිළිබදව නුවණින් විමසා බැලිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. ඒ අද (30) පස්වරුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින්.
අයිඑස් ත‍්‍රස්ත සංවිධානයේ නායක අබුබකර් අල්බක්දාදි වසර 4 කට පසුව වීඩියෝවක පෙනීසිටිමින් ප‍්‍රකාශයක් නිකුත් කළා. ඒ පිළිබදව විදේශ බුද්ධ අංශ තවදුරටත් පරික්ෂණ පවත්වනවා. අයිඑස් සංවිධානය සතුවූ සිරියාවේ අවසන් බල ප‍්‍රදේශය වන බග්ගුස් නගරය හමුදාව යටතට ගැනීමට පළිගැනීමක් ලෙස මෙම ප‍්‍රහාරය එල්ල කළ බවයි අයිඑස් නායකයා වීඩියෝවෙන් සඳහන් කර තිබෙන්නේ.

එබැවින් ඔහුගේ මෙම ප‍්‍රකාශය මුළු ලෝකයටම අනතුරුදායක බව ද අග‍්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප‍්‍රකාශයෙන් පෙන්වාදුන්නා. ශ්‍රී‍්‍ර ලංකාවේ බුද්ධි අංශවල දස දහසකට වැඩි පිරිසක් ක‍්‍රියාත්මක වනවා. එමෙන්ම ආරක්ෂක හමුදාවල ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට සකී‍්‍රය කටයුතුවල නිරත වන බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.

මේ නිසා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඉතිරි කිහිපදෙනා ද ළඟදීම අත්අඩංගුවට ගත හැකි බවත් අග‍්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප‍්‍රකාශයෙන් පෙන්වාදුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG