Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණයක්  

Add comments

අඩු ආදායම්ලාභීන් සදහා සෑම මැතිවරණ කොට්ඨාසයකම මහල් නිවාස ලබාදීමේ වැඩපිළිවෙළකට සැලසුම් සකස් කර තිබෙනවා.

නිවාස ඒකක සියයකින් යුත් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සදහා සියලු සැලසුම් සකස් කොට ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග අද උදෑසන පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. නිවාස අමාත්‍යවරයා ලෙස තමන් ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇතැයි ද ඉලක්ක ගත කාලපරාසයක් තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණ ඉදිකර නිවාස අහිමි අඩු ආදායම්ලාභීන් සදහා එම නිවාස ලබාදීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා. මේ අතර කොරෝනා අර්බුදය හමුවේ ඇද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි නගාසිටුවීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ හෙළි කළා. මේ වන විටත් දේශීය සංචාරකයන් සංචාරයන් සදහා යොමුවීමේ ප්‍රවණතාව ඉහළයමින් පවතිනවා. ඉදිරියේදී ගුවන්තොටුපොළ විවෘත වීමත් සමග විදේශීය සංචාරකයන් රට තුළට යළි පැමිණීමත් සමග සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සහ ඒ සදහා එම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටද රජය පියවර ගැනීමට සැලසුම් කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළා.

 

The post සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG