Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන්ලා ගැන කිව්ව දේ ඇහුවානම් බෝම්බ පුපුරන්නෙත් නෑ – විජේදාස කියයි  

Add comments

IS. සංවිධානය ගැන තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිලිබද පැවති රජය අවාධනය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය මෙන්ම ආණ්ඩු බලය අහිමිවීම හා එක්සත් ජාතික පක්ෂයේ විනාශය ද වළක්වාගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ අතර සහරාන් හෂීම් පිටුපස ශක්තිමත් මෙහෙයුම් බලවේගයක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා. විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ සාක්ෂි විමසීමක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා තිබුණා. ඒ අනුව ඔවුන් දෙදෙනා කොමිසම හමුවට ඊයේ කැදවා තිබුණා.

පාස්කු ප්‍රහාරයට මාස 30 කට පෙර තමන් පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන්   අවධානය  යොමු කළේ නම් මෙම මිනිස් ඝාතනය වළක්වාගැනීමට තිබුනා නොවේදැයි විජේදාස රාජපක්ෂ මහතා රහුමාන් මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.   එහිදී රහුමාන් මන්ත්‍රීරයා  කියා සිටියේ දිගන සිදු වීමෙන් පසු තමන්ද සහරාන් ගැන පොලීසියට පැමිණිලි කළ බවයි. ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා,  සහරාන් ඇල්ලීමට වරෙන්තුවක්ද ලබාගෙන තිබුණා. අවසානයේ නාමල් කුමාර කෙනෙක්ව දාලා සහරාන් අල්ලන්න ගිය නාලක සිල්වා හිරේ දැම්මා. ඒකයි මම කියන්නේ අදෘෂ්‍යමාන බලවේගයක් සහරාන් බේරගන්න වැඩ කළා යැයි මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා. මේ රටේ මුස්ලිම් ජනතාවට බෝම්බ පුපුරවන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මෙකෙන් මුස්ලිම් ජනතාවට වුණ සෙතක් නැහැ. සමාජයෙන් කොන් වුණ එක ඇරෙන්න. මගේ දරුවාව මුස්ලිම් පාසලකට දාලා තිබුණේ නැහැ. සහජීවනය ඉගෙන ගන්න ජාතික පාසලකටයි දාල තිබුණේ. නමුත් මේ සිදුවීමෙන් පසු දරුවා සති දෙකක් ඉස්කෝලේ ගියේ නැහැ.  ඉස්කෝලේ මාරු කරන්නත් වුණා. ඒකයි මම කියන්නේ මේ වැඩේ සහරාන් කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නොව වෙන කාගෙ හරි උවමනාවකට බව. මම ඒ කවුද කියලයි සොයන්නේ. යනුවෙන්ද රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා.

 

The post සහරාන්ලා ගැන කිව්ව දේ ඇහුවානම් බෝම්බ පුපුරන්නෙත් නෑ – විජේදාස කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG