Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමට පියවර  

Add comments

වසර විසිහයක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි අමත්‍යවරයා මේ බව කියා සිටියේ.

1960 වසරේදී ආරම්භ කළ කන්තලේ සීනි කර්මාන්තශාලාව අක්කර විසිඑකක භූමි භාගයක් පුරා පැතිරී තිබෙනවා. සෘජු හා වක්‍ර රැකියා පන්දහසක් පමණ නිර්මාණය වූ මෙම සීනි කර්මාන්තශාලාව රටට මහා සම්පතක් වුවද එය වසර විසිහයක් තිස්සේ වසා දමා තිබෙන්නේ බොහෝ පිරිසකට ආදායම් මාර්ගද අහිමි කරමින්. මේ වන විට එහි සේවයේ නිරත ආරක්ෂක නිලධාරීන් තිස් හතර දෙනෙකු සිටින අතර ඔවුන්ට නිසි අයුරින් වැටුප් නොලැබෙන බව ද කර්මාන්තශාලාවේ තත්ත්වය නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා හමුවේ එම නිලධාරීන් සදහන් කළා. මේ වන විටත් එම භූමියේ අක්කර දහඅටක බීජ උක් ප්‍රභේද පහක් වගා කර තිබෙනවා. පසුගිය රජය සමයේ ගිවිසුමක් මගින් සමාගමකට මෙය පැවරීමෙන් විශාල පාඩුවක් සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙහිදී සදහන් කළා.

 

 

The post කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG