Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට  

Add comments

සුවහසක් ප්‍රේක්ෂකයින් සිනහ සාගරයේ ගිල්ලූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මොරටු මුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී හෙට පස්වරු 4.00 ට සිදු කෙරෙනවා.

මේවන විටත් ඔහුගේ දේහයට ගෞරව දැක්වීමට රසිකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ටෙන්සන් කුරේ මහතා අභාවප්‍රාප්ත වන විට 68වන වියේ පසුවුණා. 1986 වසරේ පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් ඔහු සිනමා රංගනයට අත්පොත් තැබුවා. රෑ දනියෙල් දවල් මිගෙල් , චෙරියෝ ඩාලින් , කොළොම්පූර් , පාර්ලිමන්ට් ජෝක්ස් , සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ මහතා ප්‍රහසන නාට්‍ය රැසකට ද නිර්මාණ දායකත්වය ලබා දුන්නා. එමෙන්ම කුරුල්ලා ඇතුළු වේදිකා නාට්‍යය රැසකටද ඔහු රංගනයෙන් දායක වුණා. චිත්‍රපට පිටපත් රචනයෙන් ද ටෙනිසන් කුරේ දක්ෂතා දැක්වූවා. පෙරළිකාරයෝ , දෙමෝදර පාලම , කොලොම්පූර් චිත්‍රපට ඒ සඳහා උදාහරණ සපයනවා.

ටෙනිසන් කුරේ මහතාගේ දේහය නිවස වෙත රැගෙන ඒමටත් පෙර සිටම ඔහුගේ නිවස වෙත කලාකරුවන් , දේශපාලනඥයන් ඇතුළු ජනතාව එක් රොක්වී සිටියා. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලා කරුවන් පිරිසක් ද ඔහුගේ දේහයට ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වූවා. දේහය විල්ලෝරාවත්ත , මොරටුමුල්ල , මොරටුව යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා.

 

The post ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG