Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටපුරා දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සඳහා මූල්‍යාධාර  

Add comments

රටපුරා දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සඳහා මූල්‍යාධාර ලැබෙන පරිදි ප්‍රතිපාදන වෙන්කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රජයේ මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහන්වලදී  දියුණු විහාරස්ථානවලට විශාල මුදලක් වෙන් කිරීම සහ දුෂ්කර විහාරස්ථාන සඳහා මුදල් වෙන් නොවීම සැලකිල්ලට ගනිමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ.

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටියා. නෙල්ලිගල රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා. දොඩම්ගස්ලන්ද ආයුර්වේද රෝහලේ පවතින ගැටළු පිළිබඳ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැනුම් දුන්නා. නගරයේ ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති පොදු වැසිකිළි පද්ධතිය ඇතුළු සෙසු ගැටළු සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

 

The post රටපුරා දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සඳහා මූල්‍යාධාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG