Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක්  

Add comments

පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදු කර ඊට අදාළ වාර්තා තමන්ට ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවී මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ,ඊයේ (29) දිනයේ දි පරිසර අමාත්‍යාංශයේ දී සියලුම පරිසර සංවිධාන නියෝජිතයින් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක දිය. විශේෂයෙන් පරිසර සංරක්ෂණය උදෙසා විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් කෙරෙන යෝජනා හා අදහස් පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් විය.

කඩුවෙළ සිට පෑලියගොඩ පාළම දක්වා කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඉදි කර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් පමණක් බවත් පරිසර වේදීහු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පෙන්වා දුන්නේය.

අනෙක් කාරණය නම් මෙම කර්මාන්ත ශාලා වලින් පිට කරන අපජලය බැහැර කිරිමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පැහැදිලි දායකත්වය ලබා දිය යුතු බවත් ඔවුහු පැවසූහ. එමෙන්ම කැළණි ගඟ දෙපස පදිංචි ඇතැම් පුද්ගල නිවාස සඳහා විදිමත් වැසිකිළි පද්ධති නොතිබීමත් ඔවුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය කැළණි ගගේ ජලයට මුසුවීමට ඉඩ ඇති බවද, එම හේතුවෙන් ඊ- කොලි බැක්ටිරියාව පවා ජලයට එකතු වීමේ හැකියාව පවතින බවත් පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වු පරිසර ඇමතිවරයා,පරිසර සංරක්ෂණය උදෙසා තමන් ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ පරිසර ආරක්ෂණ බලකායක් අමාත්‍යාංශ 16ක ලේකම්වරුන්ගේ සාමාජිකත්වය යටතේ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇතැයි ද කීය.

ඒ යටතේ දිවයිනේ ගංගා 103ක් සංරක්ෂණය උදෙසා පුලුල් වැඩ පිලිවෙළක් ආරම්භ වන බැවින් කැළණි ගඟ මෙන්ම නාගරිකව පානීය ජල අවශ්‍යතා සපුරන අනෙකුත් ගංගාධාර සංරක්ෂණය උදෙසා පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

The post පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG