Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විවාහය නිසාත් ඉම්රාන්ට තවත් වසර 7ක සිරදඬුවම්  

Add comments

නීති විරෝධී විවාහයක් සිදු කර ගත් බවට වරදකරුවන් කරමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ තුන්වැනි බිරිය බුෂ්රා බීබීට එරට අධිකරණයක් මඟින් වසර 7 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබී ගේ හිටපු ස්වාමියා ඔහුගේ දික්කසාදයෙන් වසර හයකට පමණ පසු ඛාන් සහ බීබී ට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර, දික්කසාදයෙන් පසු ඉස්ලාමයේ අනිවාර්යය පොරොත්තු කාලය සම්පූර්ණ නොකර විවාහ වීම සහ අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කර ඇති බවද සඳහන්

ඒ අනුව කළ විමර්ශනවලදී 2018 වසරේ පැවති එරට මහමැතිවරණයට මාස කිහිපයකට පෙර ඉම්රාන් ඛාන් සිය තුන්වැනි විවාහය ලෙස බුෂ්රා සමඟ විවාහ වීම ඉස්ලාමයට පටහැනි සහ නීතිවිරෝධි බවට රාවල්පිණ්ඩි නුවර ඉම්රාන් සිරගත වී සිටින බන්ධනාගාරය තුළ ස්ථාපිත කළ විශේෂ අධිකරණයේදී තහවුරු වී තිබෙනවා.

කාන්තාවක් වැන්දඹු තත්ත්වයට පත්වීමෙන් හෝ දික්කසාද වීමෙන් මාස තුනක් ගතවනතුරු නැවත විවාහ විය නොහැකි බවට ඉස්ලාමයේ සඳහන් වී ඇති බවත්, ඇය ඉම්රාන් සමඟ විවාහ වී ඇත්තේ සිය පෙර විවාහයෙන් දික්සාද වී මාස තුනක් සම්පූර්ණ වීමට පෙර බවත් එහිදී තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා .

රාජ්‍ය රහස් ලිපියක් ප්‍රසිද්ධියට පත් කිරීමේ වරදට වසර 10ක් සහ විදෙස් දූතයන්ගෙන් ලැබුණු මිල අධික ත්‍යාග නීතිවිරෝධී අයුරින් අලෙවි කර මුදල් උපයා ගැනීමේ වරදට තවත් වසර 14ක් ලෙස පසුගිය සතියේදී වසර 24ක සිරදඬුවම් නියම වූ 71 හැවිරිදි ඉම්රාන් ඛාන්ට මේ තීන්දුවත් සමඟ බන්ධනාගාරයේ ගත කිරීමට සිදු වී ඇති සම්පූර්ණ කාලසීමාව වසර 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාග නීතිවිරෝධීව අලෙවි කර මුදල උපයා ගැනීමේ වරදට හසුවූ ඉම්රාන්ගේ බිරිය බුෂ්රාට ද පසුගිය සතියේදී වසර 14ක සිරදඬුවම් නියම වූ අතර, පෙරේදා අධිකරණය දුන් තීන්දුවත් සමඟ ඇගේ සම්පූර්ණ සිරදඬුවම් කාලසීමාව වසර 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ.

The post විවාහය නිසාත් ඉම්රාන්ට තවත් වසර 7ක සිරදඬුවම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG