Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණ වාර්තාව මෙවර චීන වසන්ත උත්සව සමයේ දී  

Add comments

සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවයට ඇත්තේ තවත් දින කිහිපයක්.

මේ කාලයේ දී අධික ජනගහනයක් සිටින චීනයේ “වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණය” සිදු වෙනවා.

මෙලෙස ජනතාවගේ සංචාරයන් පසුගිය 26වැනි දා සිට දින 40ක් පුරා සිදු වීම විශේෂත්වයක්.

චීන ජනතාව බිලියන 9 වාරයක් වාර්තාගත ලෙස චීනය පුරා ගමන් කරන මෙම විශේෂ කාලය පිලිබඳ විදෙස් මාධ්‍යන්ගේ ද අවධානයට ලක්ව තිබෙනවා.

චීන වසන්ත උත්සව සමයේ විශාල මගීන් පිරිසක් රට තුළ සැරි සැරීමෙන් චීන ආර්ථිකයේ වර්ධනය පිළිබිඹු වන බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

මේ වසරේ චීනයේ සිල්ලර වෙළඳාමේ අලෙවිය චීන යුවාන් ට්‍රිලියන 50 ඉක්මවනු ඇති බවත්, එය චීන ආර්ථිකයට විශාල ගාමක ශක්තියක් වනු ඇති බවත්අපේක්ෂා කරනවා.

අලුත් අවුරුදු කාලයේ ගම්බිම්වලට යන ජනතාව හැර චීනයේ සෙසු ප්‍රදේශ හා විදේශ රටවලට පවා යන චීන සංචාරක පිරිසක් ද සිටිනවා.මේ වන විට චීනය පුරා පූර්ණ ගමනාගමන හා යටිතල පහසුකම් ස්ථාපිත කර තිබෙනවා.

ලොව විශාලම අධිවේගී දුම්රිය ජාලය, අධිවේගී මාර්ග ජාලය හා ගෝලීය මට්ටමේ වරායන් ඉදි කර ඇති චීනය, සිය රටවැසියන්ට ගුවන්, නැව්, දුම්රිය හා මහ මාර්ග මගින් රට තුළ පමණක් නොව ලෝකය පුරා සැරි සැරීමේ හැකියාව සලසා තිබෙනවා.

පසුගිය දා සිංගප්පූරුව හා තායිලන්තය ඇතුළු රටවල් චීනය සමග නිදහස් වීසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බැවින් උත්සව සමයේ විදේශ රටවල සංචාරය කරන චීන ජාතිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන චීන ජනතාව ගමනාගමනය, පරිභෝජනය හා සංචාරය කෙරෙහි දක්වන උද්‍යෝගය, චීන ආර්ථික ප්‍රකෘතියේ කැඩපතකි.මෙම කැඩපතෙන් ලොව දෙවැනි විශාලම ආර්ථිකය හිමි චීනයේ ජවය හා නම්‍යශීලිත්වය මනාව විදහා දක්වනු ඇත.

The post වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණ වාර්තාව මෙවර චීන වසන්ත උත්සව සමයේ දී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG