රුසියානු-යුක්රේන සාකච්ඡා වෙනුවෙන් ජගත් ප්‍රජාව සක්‍රීය පහසුකම් සැපයිය යුතු බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(05) පැවැත්වූ යුක්රේන ගැටළුව පිළිබඳ සාකච්ඡාවේ දී
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා මේ බව සඳහන් කළේ ය. යුක්රේන යුද්ධය හටගෙන ගතවූ මාස 2කට අධික කාලය තුළ, චීනය බොහෝ අවස්ථා වලදී සිය ආකල්පය විග්‍රහ කර තිබේ. ගැටුම් වල දී ජයග්‍රහකයන් නොමැත. සංවාද හා සාකච්ඡා අර්බුදය නිරාකරණය කරන අනිවාර්ය මාර්ගය ය.
මේ සඳහා ජගත් ප්‍රජාව කැප විය යුතු විනා ඊට විරුද්ධ ව ක්‍රියා නොකළ යුතු බව Zhang Jun මහතා පෙන්වා දුන්නේ ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා එහි මුලධර්මය කෙරෙහි පළකළ පොරොන්දු විවිධ රටවල් යළි සිහිපත් කළ යුතු බව ද ඔහු කියා සිටී. ආරක්ෂක හා අභේද්‍ය මුලධර්මය ප්‍රායෝගික ව අනුගමනය කළ යුතු ය. සාකච්ඡා මාර්ග වලින් එක්සත් වී සමබර, ප්‍රායෝගික හා තිරසර ගෝලීය හා කලාපීය ආරක්ෂා රාමුවක් විවිධ රටවල් විසින් ගොඩනැංවිය යුතු බව ද Zhang Jun මහතා අවධාරණය කරයි.
The post රුසියානු-යුක්රේන සාකච්ඡා වලට ජගත් ප්‍රජාව සක්‍රීය පහසුකම් සැපයිය යුතු බව චීනය කියයි appeared first on ITN News.
Post a Comment