අක්කරෙයිපත්තු පාලමුනෙයි පොලිස් මාර්ග බාධකය අසළ සිදුවූ පහරදීමකින් පොලිසි නිලධාරීන් 8 දෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම මාර්ග බාධකය අසළට හිස්වැසුමක් නොමැතිව පැමිණි යතුරුපැදිකරුවෙකුට එම යතුරුපැදිය නතරකරන ලෙසට පොලිසිය අණකර තිබෙනවා. එහෙත් එම අණ නොතකා පොලිස් මාර්ග බාධකය හරහා ඔහු ගමන් කිරීමට උත්සාහ කිරිමේදි ලිස්සා ගොස් ඇද වැටී තිබෙනවා. පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් පොලිසියට පහරදුන් බවයි වාර්තා වන්නේ. ත්ත්තවය පාලනයට පොලිසිය වෙඩි තැබීමක්ද සිදුකර තිබෙනවා.
The post අක්කරෙයිපත්තු ප්‍රදේශයේ ගැටුමකින් පොලි් නිලධාරීන් 8 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment