කියුබාවේ හවානා නුවර තරු පහේ හෝටලයක සිදුවූ පිපිරුමකින් පුද්ගලයන් 22 නෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගෑස් කාන්දුවකින් මෙම පිපිරුම සිදුවන්නට ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 60 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා. පැරණි හෝටලක් වන මෙය වසංගත සමයෙන් පසු නැවත මහජනතාව සඳහා විවෘත කෙරුණේ මීට දින 4කට පෙරයි. පුද්ගලයන් මුදා ගැනීමේ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. සිද්ධියෙන් ගර්භනී කාන්තාවක් සහ කුඩා දරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යටත්විජිත යුගයේදී නිර්මාණය කෙරුණු සරටොගා නමැති මෙම හෝටලය කියුබාවට පැමිණෙන සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.
The post කියුබාවේ හෝටලයක පිපිරීමකින් පුද්ගලයින් 22නෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment