අක්කරෙයිපත්තු පාලමුනෙයි ප්‍රදේශයේදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ගැටුම පිළිබද විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙනවා.
පාලමුනෙයි පොලිස් මාර්ග බාධකය අසළ සිදුවූ මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයින් තුන්දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
පාලමුනෙයි මාර්ග බාධකය අසළට හිස්වැසුමක් නොමැතිව පැමිණි යතුරුපැදිකරුවෙකුට එම යතුරුපැදිය නතරකරන ලෙසට පොලිසිය අණකර තිබෙනවා. එම අණ නොතකා පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කිරීමට උත්සාහ කිරිමේදි ඔහු ලිස්සා ගොස් ඇද වැටී තිබෙනවා. පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් පොලිසියට පහරදුන් බවයි පොලීසිය පවසන්නේ. තත්වය පාලනයට පොලිසිය වෙඩි තැබීමක්ද සිදුකර තිබෙනවා. ඉන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතකර සිටිනවා.
The post අක්කරෙයිපත්තු ගැටුම විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක් appeared first on ITN News.
Post a Comment