Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම් දිවයින පුරා  

Add comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම් තවදුරටත් පැවැත්වෙනවා . එම පෙරමුණ  පිහිටුවා වසර 4 ක් පිරීම වෙනුවෙන් මෙම රැස්වීම් පැවැත්වෙන්නේ සිව් දෙස සුරකින සිව් වසර මැයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවිස්සාවේල්ල ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සීතාවක ප්‍රා‌ දේශීය සභා ශ්‍රවණාගාරයේදීයි. අවිස්සාවේල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා එය සංවිධාන කර තිබුණා. අමාත්‍ය  ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වුණේ.

කඹුරුපිටිය පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩලයට අයත් කාන්තා බල මණ්ඩලයේ රැස්වීමක් කඹුරුපිටියේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

ඌව පරණගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම සංවිධාන කර තිබුණේ එම ආසන සංවිධායක හිටපු මන්ත්‍රී චාමික බුද්ධදාස මහතායි. ඌව පරණගම අඹගස්දෝව විදුහල් ශ්‍රවණාගාරයේ පැවති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

 

The post පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම් දිවයින පුරා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG