Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදු ජන පෙරමුණේ සිව්වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා ආසන බල මණ්ඩල රැස්වීම්  

Add comments

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිව්වන සංවත්සරයට සමගාමී ලෙස  සිව් දෙස සුරැකි සිව් වසර මැයෙන් ආසන බල මණ්ඩල රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම වැල්ලවත්ත රංජන් විජයරත්න ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සදහන් කළේ මෙරට දේශපාලන පක්ෂ දෙකකට කොටු වී තිබූ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිදහෙලූ බවයි.

බදුල්ල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට ප්‍රමුඛත්වය දෙමින්. ගමට සංවර්ධනය රැගෙන යාම සදහා වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළා.

වව්නියා ආසන බල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ වව්නියා නගර සභා ශාලාවේදීයි. මෙම අවස්ථාවට පළාත් සභා සහ ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් රැසක් ද එක් වුණා.

මැදිරිගිරිය ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ ලංකාපුර ශ්‍රවණාගාරයේ දීයි. නවීන තාක්ෂණය සමග බද්ධ වී කෘෂිකර්මාන්තයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩම්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රංගන ශිල්පීනි ඕෂධි හේවා මද්දුම මහත්මිය මෙන්ම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද රැස්වීමට එක්වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

The post පොදු ජන පෙරමුණේ සිව්වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා ආසන බල මණ්ඩල රැස්වීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG