Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ සිනොවැක් බයොටෙක් සමාගම එන්නත් නිෂ්පාදනය වේගවත් කරයි  

Add comments

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමඟ චීනයේ සිනොවැක් බයොටෙක් සමාගම එන්නත් නිෂ්පාදනය වේගවත් කර තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සිනොවැක් සමාගමේ නව කර්මාන්ත ශාලාව නිෂ්පාදන ආරම්භ කළා. බීජිං නගරය ප්‍රමුඛ චීනයේ නගර රැසකට එන්නත් බෙදා හරිනු ලබන්නේ එම කර්මාන්ත ශාලාව මගිනුයි. එහි වාර්ෂික එන්නත් නිෂ්පාදනය මාත්‍රා මිලියන 500 ක් පමණ වනවා. කෙසේ වුව ද නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමත් සමඟම එම කර්මාන්ත ශාලාව නොකඩවා පැය 24 ම නිෂ්පාදන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ. දිනකට එන්නත් මාත්‍රා ලක්‍ෂ 4 ක් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. චීනයට අමතරව ඉන්දුනීසියාව , බ්‍රසීලය හා තුර්කිය යන රටවල් චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත කොරෝනා වෛරසය මැඩලීම සඳහා යොදා ගනු ලබනවා.

 

 

 

 

 

The post චීනයේ සිනොවැක් බයොටෙක් සමාගම එන්නත් නිෂ්පාදනය වේගවත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG