Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට  

Add comments

ඒකලදී හා ගම්පොළ නියංගන්දරදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

ඒකල ගුවන් හමුදා කදවුර ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගියා. අනතුරින් මිය ගියේ සීදූව පදිංචි තුන්දරු පියෙකු හා රද්දොලුගම පදිංචි 40 හැවිරිදි සහ 60 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුයි. මොවුන් පැමිණි මෝටර් රථය ගුවන් හමුදා කදවුර ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළේ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

මේ අතර පූඩලුඔය ගම්පොළ මාර්ගයේ නියංගන්දර ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. තරුණයන් කණ්ඩායමක් යතුරු පැදි 5 කින් විනෝදය සදහා යමින් සිටියදීයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරෙන් මිය ගොස් ඇත්තේ කලපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුයි. ලොරි රථයේ රියදුරු නාවලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

The post රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG