Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැඩ්රිඩ් නුවරට බලපෑ හිම කුණාටුවෙන් සිදු වූ හානිය යුරෝ බිලියන 1.4 කට ආසන්න බව වාර්තා වෙයි  

Add comments

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට පසුගිය සතියේදී බලපෑ හිම කුණාටුවෙන් සිදු වූ හානිය යුරෝ බිලියන එකයි දශම 4 කට ආසන්න බව වාර්තා වනවා.

මෙවර ශීත සෘතුවේදී හිමපතනයත් සමග වැඩිම බලපෑමට ලක් වූ යුරෝපීය රට ලෙස ස්පාඤ්ඤය දැක්විය හැකියි. මැඩ්රිඩ් නගරයේ ඇතැම් ස්ථාන සෙන්ටිමීටර 50 ක පමණ අධික හිම තට්ටුවකින් වැසී තිබුණා. හිම කුණාටුවත් සමග කසළ එක් රැස් කිරීම නතර වීම හේතුවෙන් නගරය තුළ ගොඩ ගැසී තිබූ කසළ ප්‍රමාණය ටොන් නවදහසකට ආසන්න බවයි වාර්තා වන්නේ. පාසල්, විශ්වවිද්‍යාල හා පෙර පාසල් පසුගිය සති 2 ක කාලය පුරා වසා තැබීමට බලධාරීන් පියවර ගත්තා. මේ වන විට මැඩ්රිඩ් නගරය සාමාන්‍ය ජන කටයුතු සදහා විවෘතව පවතිනවා.

 

 

 

 

The post මැඩ්රිඩ් නුවරට බලපෑ හිම කුණාටුවෙන් සිදු වූ හානිය යුරෝ බිලියන 1.4 කට ආසන්න බව වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG