Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්වයක්  

Add comments

නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වුණා. මෙවැනි භූ කම්පන ඉදිරි දිනවලදීත් ඇති වීමේ හැකියාවක් ඇති බවයි භූ විද්‍යා අංශ ප්‍රකාශ කරන්නේ. ඒ සමග අවදානම් සහගත ප්‍රදේශවල  ජීවත් වෙන ජනතාවට දැඩි අවදානයෙන් සිටින ලෙස එම අංශ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

රිච්ටර් පරිමාන ඒකක දෙකක ප්‍රබලත්වයක් සටහන් කෙරුණු මෙම සුළු භූකම්පන තත්ත්වයට පෙර ද මධ්‍යම කදුකරයේ ස්ථාන කිහිපයක සුළු භූ කම්පන වාර්තා වුණා.

මෙම තත්ත්වයක් සමග අධික වර්ෂාවක් ඇති වුවහොත් නාය යෑම් සිදු වීමේ වැඩි අවදානමක් පැවතිය හැකි බවට භූ විද්‍යා අංශ අනතුරු අඟවනවා. නිසි ප්‍රමිතියට සකස් කර නොමැති නිවාසවල බිත්ති ඉරිතලා යාම් සිදුවිය හැකියි. එමෙන්ම ඉහළ කඳුකර ප්‍රදේශවල සිට විශාල ගල් පහත් බිම් කරා පෙරලීමේ අවදානමක්  ද ඇති බැවින් අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට  මේ පිළිබද දැඩි අවදානයෙන් පසුවන ලෙස එම අංශ දැනුම් දෙනවා.

 

 

The post නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG