Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවරයන්ගේ ජීවන උපාය මාර්ගවලට හානි විමට තමා කිසිදා ඉඩ දෙනේ නෑ- ධීවර අමාත්‍ය  

Add comments

අප රටේ මුහුද විනාශ කිරීමටත්, අප ධීවරයන්ගේ ජීවන උපාය මාර්ගවලට හානි විමටත් තමා කිසිදා ඉඩ නොතබන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

යාපනයේ ඊ.පී.ඩී.පී මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලදී.

නීති විරෝධී ලෙස අපේ මුහුදු තීරයට පිවිසෙන ඉන්දීය ධීවරයන් අපගේ මුහුදු සම්පත් විනාශ කරමින් නීති විරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවත්, එම නිසා අපගේ ධීවර කර්මාන්ත කරුවන්ගේ ආර්ථීකය හා ජීවන උපාය මාර්ග පසු බෑමට ලක්වන බවත්, ඉන්දීය ධීවරයන්ගේ මෙම ක්‍රියාකලාපය අප ප්‍රතික්ෂේප කරන බවත් දේවානන්දා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරට ධීවරයන්ගේ ජීවන උපාය මාර්ග හා ඔවුන්ගේ ආර්ථීකය ආරක්ෂා කරමින් ඒ අයට යහපත් අනාගතයක් ඇති කිරීමට කුමන බාධා මැද වුවද වගකිවයුතු අමාත්‍යවරයෙක් ලෙස තමා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

The post ධීවරයන්ගේ ජීවන උපාය මාර්ගවලට හානි විමට තමා කිසිදා ඉඩ දෙනේ නෑ- ධීවර අමාත්‍ය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG