Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා එන්නත සඳහා යුරෝපා සංගමයේ අනුමැතිය  

Add comments

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය  සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කරන කොරෝනා වයිරසයට එරෙහි එන්නත සදහා යුරෝපා සංගමයේ අනුමැතිය හිමිව තිබෙනවා.

යුරෝපා සංගම්  ප්‍රධානී අර්සලා වොන්ඩර් ලියන් ප්‍රකාශ කළේ යුරෝපා සංගමයට අයත් රටවල වයස අවුරුදු 18 න් ඉහළ පුද්ගලයින් සදහා එන්නත නිර්දේශ කරන බවයි. රටවල් 27 කින් යුත් යුරෝපා සංගමය හදිසි භාවිතය සදහා අනුමත කළ තුන්වන කොරෝනා එන්නත මෙය වනවා.

මීට පෙර ෆය්සර් බයෝ එන්ටෙක් සහ මොඩර්නා එන්නත්  යුරෝපා සංගමයේ භාවියට අනුමැතිය හිමිව තිබුණා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 400 ක් ලබාගැනීම සදහා යුරෝපා සංගමය මේ වන විටත් ඉල්ලුම් කර තිබෙනවා.

 

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත සඳහා යුරෝපා සංගමයේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG