Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් හතරකට මිලි මිටර 75ක තද වැසි  

Add comments

ප‍්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් ඊට ඇතුලත්. ඇතැම් ස්ථානවලට මිලි මිටර 75 ක තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සදහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

The post පළාත් හතරකට මිලි මිටර 75ක තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG