Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාර්තු 31න් පසු සැෂේ පැකට් තහනම්  

Add comments

තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා ප්‍රමිති සලකුණු නිකුත් කරන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

තනි භාවිත හෙවත් සැෂේ පැකට් හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් හේතුවෙන් පරිසර දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. නිසි ක්‍රමවේදවලින් තොරව කසළ කළමනාකරණය සඳහා යොදා ගන්නා මෙම ප්ලාස්ටික් වර්ග පරිසරයට එකතු වීම ද ගැටලුවක්. ඒ අනුව පළමු අදියරේදී තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම ක්‍රියාත්ම කිරීමටයි මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙන්නේ.

මේ අතර එක් එක් ප්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරන සංකේත ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙනවා. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මගින් පරිසර දූෂණය අවම කිරීම මෙහි අරමුණයි.

 

 

 

 

The post මාර්තු 31න් පසු සැෂේ පැකට් තහනම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG