Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොස්කව් නුවර ආරක්ෂාව තර කෙරේ  

Add comments

රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ හේතුවෙන්  ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වනවා.

මොස්කව් නුවර දුම්රිය ස්ථාන රැසක් වසා දමා ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. නගරයේ අවන්හල්  ආපනශාලා හා කඩ සාප්පු ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සතියේ පැවති උද්ඝෝෂණවලදී හාරදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. විෂ ශරීරගතවීමක් හේතුවෙන් මාස පහක පමණ කාලයක් ජර්මනියේ ප්‍රතිකාර ලැබූ නවාල්නි පසුගිය 17 වන දින රුසියාවට පැමිණි මොහොතේ දී අත්අඩංගුවට ගැණුනා. ඒ ඔහුට අධිකරණයෙන් ලබාදී තිබූ අත්හිටවූ සිර දඩුවමේ කොන්දේසි කඩ කිරීම හේතුවෙන්.

 

 

The post මොස්කව් නුවර ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG