Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රාදේශීය මට්ටමින් පළමු පෙළට එන්නත්කරණය අද සිට  

Add comments

ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ලබා දීම දැන් ක්‍රියාත්මකයි.

තෝරාගත් ප්‍රධාන රෝහල් කිහිපයක හා යුද හමුදාව සදහා එන්නත්කරණය ඊයේ ආරම්භ කෙරුණා. සෙසු රෝහල්වල කාර්ය මණ්ඩල මෙන්ම ආරක්‍ෂක අංශ සාමාජිකයන් සදහා එන්නත් ලබා දීම සිදුවෙමින් පවතිනවා. ඒ අනුව හොරණ මූළික රෝහලේ කාර්ය මණ්ඩලය සදහා එන්නත් ලබාදීම ඊයේ පස්වරුවේම ආරම්භ කෙරුණා.

වව්නියාව ප්‍රදේශයේ කෝවිඩ් මර්දන වැඩපිළිවෙළේ ඉදිරිපෙළ කටයුතුවල නිරතව සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීම වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සිදුවුණා. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් එච් ඩී බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මතයි එම කටයුතු සංවිධාන කර තිබුණේ.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී ද එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එන්නත් තුන්දහස් හාරසියයක් ලබා දීම මඩකලපුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එන් මයුරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

The post ප්‍රාදේශීය මට්ටමින් පළමු පෙළට එන්නත්කරණය අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG