Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර ජැටියෙන් දේශපාලන වාසි ගන්න එපා – වෘත්තිය සමිති පක්ෂවලට කියයි  

Add comments

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන වරාය සේවකයින්ට වගේම රටට සුබදායී උත්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. වරාය වෘත්තීය සමිති නියෝජිතයන් අවධාරණයෙන් කියාසිටින්නේ මේ සිද්ධියෙන් කාට හෝ දේශපාලන වාසියක් ගැනීමට ඉඩ නොදෙන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ගැටලුව මුල්කර ගනිමින් එහි සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වනවා. අද දිනයේ ස්ථාන කිහිපයකදීම වෘත්තීය සමිති නියෝජිතයන් මනේම අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩ‍හේවා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. (වීඩියෝව පහතින්…)

මේ අතර නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණා. දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ඊට එක් වුණා.

මාධ්‍ය හමුවක් පැවැත්වූ වරාය අධිකාරියේ සභාලති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටියේ ඉදිරියේදී සතුටුදායක පිළිතුරක් ලැබෙනු ඇති බවයි.

 

The post නැගෙනහිර ජැටියෙන් දේශපාලන වාසි ගන්න එපා – වෘත්තිය සමිති පක්ෂවලට කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG