Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 639ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ (30) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 639 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 3 දෙනෙකු විදේශිකයන් බවයි වාර්තා වන්නේ.

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයන් 639 දෙනා අතුරින් 190 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 133 දෙනෙකු ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89 දෙනෙකු ද ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හල හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ කොරෝනා පොකුර 38957 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 42702 ක්. ඒ අතුරින් 7880 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 545 ක්. මේ දක්වා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 34623 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

වැලිකන්ද හා පූනානි කෝවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 64 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. ඔවුන් කොළඹ,  රත්නපුර,  කෑගල්ල හා අනුරාධපුර පදිංචිකරුවන්.

මේ අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයන් 5588 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ මෙරට පී සී ආර් පරික්‍ෂණ 12926 ක් සිදු කළ බව ද සෞඛ්‍ය අංශ සදහන් කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ පී සී ආර් පරික්‍ෂණවලදී 6 දෙනෙකු හදුනා ගැනුණා. ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු ද කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වුණා. නව ආසාදිතයන් හදුනාගත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසල් 4 ක් වසා දැමීමට පියවර ගත් බව නාගරික මහජන සෞඛ්‍ය පරික්‍ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සදහන් කළා.

දංකොටුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් සංවිධාන කර තිබුණා. නත්තල හා අලුත් අවුරුද්ද වෙනුවෙන් එය පැවැත්වුණේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී තිලක් රණසිංහ මහතා ඇතුලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන්.

 

The post ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 639ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG