Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපවාහිනී මහගෙදර යළි අංක 1කේ පෙරනිමිති පෙන්වයි – ඇමති කෙහෙළිය  

Add comments

ස්වාධීන රූපවාහිනියට සැබැවින්ම පෙනෙන සුබ අනාගතයක ලකුණු පවතින බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එමෙන්ම සේවකයා  ඇගයීමට ලක් කරමින් අංක එකේ නාලිකාව බවට නැවතත් ස්වාධීන රූපවාහිනිය පත් කිරීමට තමන් කැපවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. රාජ්‍ය මාධ්‍ය ආයතන නිරීක්ෂණ චාරිකාවේ පළමුවැන්න ලෙස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අද පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට පැමිණි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පිළිගත්තේ සභාපති සුදත් රෝහණ මහතායි. පිළිගැනීමෙන් අනතුරුව ඒ මහතාගේ සංචාරය   සිහිගන්වමින් ඖෂධීය නෙල්ලි පැලයක් ආයතනයේ රෝපණය කිරීම සිදු වුණා. ඉන් අනතුරුව කාලයක් තිස්සේ අඩු පාඩුවක්ව පැවති වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමට ද අමාත්‍යවරයා එක්වුණා. එමෙන්ම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නව මැදිරි සංකීර්ණය ඉදිකිරීමට යෝජිත භූමිය දඅමාත්‍යවරයා  නිරීක්ෂණය කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඩ ගුවන්විදුලි මැදිරි සංකීර්ණයට අමාත්‍යවරයා පැමිණියේ ඉන් අනතුරුයි.

එහිදී සජීව ප්‍රවෘත්ති විකාශය අතරතුර ශ්‍රාවකයන් ඇමතීමට ද අමාත්‍යවරයා  අමතක කළේ නැහැ. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන  පාලක මැදිරිය හා නව ප්‍රධාන පාලක මැදිරිය ස්ථාපිත කිරීමට යෝජිත ස්ථානය ද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. ආයතනයේ අධි විස්තෘත මැදිරි සංකීර්ණය ද  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ආයතන ශ්‍රවනාගාරයේ පැවති  උත්සවයට අමාත්‍යවරයා එක් වුණේ ඉන් පසුවයි. ඒ මහතාගේ  පැමිණීම වෙනුවෙන්  කේක් කැපීමේ අවස්ථාවකට ද එක් වුණා. අමාත්‍යවරයා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සිහිවටන තිළිණය පිරිනැමුවේ සභාපති සුදත් රෝහණ මහතායි. වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ අයිටීඑන් ශාඛාවේ ලේකම් මංගල රදලියගොඩ යන මහත්වරුන් සභාව ඇමතුවා. රැස්ව සිටි පිරිස ඇමතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා කියා සිටියේ ගත වූ වසරක කාලය තුළ ජනතාව නරඹන රූපවාහිනී නාලිකාවක් බවට ස්වාධීන රූපවාහිනිය පත් කළ බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක හා   ඉහළ කළමනාකාරීත්වය, වෘත්තීය සමිති නියෝජිතයන් මෙන්ම  සේවක මණ්ඩලය  ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post රූපවාහිනී මහගෙදර යළි අංක 1කේ පෙරනිමිති පෙන්වයි – ඇමති කෙහෙළිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG