Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි  

Add comments

ජාතික පාසල් දහසක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය ඊයේ (30) සිදු කෙරුණා. ඒ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදීයි.

ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භක පාසල ලෙස වසර දෙසීයක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරාගෙන තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා ද එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අක්කර 14 ක භූමි පරිශ්‍රයක පිහිටා ඇති මෙම විද්‍යාලය දරුවන්ට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලබාදීම සදහා අවශ්‍ය පහසුකම් සපයන බවයි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කළේ.

පාසල් අතර පවත්නා විෂමතා අවම කිරීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා. දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමට ද වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා. යල්පැනගිය විෂයමාලා වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ පාසල් 123ක් සංවර්ධනය කෙරෙනවා.

 

 

The post ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG