Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා  

Add comments

ග්‍රාමීය ව්‍යවසායකයන් තුළින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා. මේ සදහා යෝජනා කර ඇති ව්‍යාපෘතීන් නිසි අධීක්‍ෂණය යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන්නැයි ඒ මහතා පශු සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මගින් අයවැය යෝජනාවලට අනුව ව්‍යාපෘතීන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවිපොළ කළමනාකරණය තුළින් ඵලදායීතාව ඉහළ නැංවීම, දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම ඊට අයත්. අභිජනන ගොවිපොළ පිහිටුවීම, මධ්‍ය කාලීන පශු සම්පත් සංවර්ධනය, සූකර සංවර්ධන වැඩසටහන හා සුළු පරිමාණ කුකුලු සංවර්ධන වැඩසටහන ද ඊට ඇතුළත් වනවා. මේ අනුව කුඩා පරිමාණ එළු ගොවිපොළ දාහතරදහසක් සහ සූකර ගොවිපොළ දෙදහසක් පිහිටුවීමට නියමිතයි. බිත්තර දමන කිකිලි ගොවිපොළ එක්ලක්‍ෂ හැටදහසක්, වෙනත් කුකුලු ගොවිපොළ 500 ක්, කුඩා පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදන ඒකක දහසක්, මීගව ගොවිපොළ 500 ක් හා තෘණ අලෙවි කිරීමේ මධ්‍යස්ථාන 500 ක් ද දිවයින පුරා පිහිටුවීමයි අරමුණ. රාජ්‍ය අමාත්‍ය ඩී බි හේරත් මහතා හා නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.

 

The post ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG