Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විධායකය අහෝසි කිරීමට තමන්ගෙන් බාධාවක් නැති බව ජනපති පවසයි  

Add comments

රට ගොඩනැගීමට නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

යාපනයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ තමන් කිසිදු බාධාවක් සිදු නොකළ බවයි.

රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික් සමාප්ති උලෙළ යාපනය මහජන ක්‍රීඩාංගනයේදී අද (30) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම උත්සවයට විවිධ වැඩසටහන් එක්කර තිබුණා. එහිදී නල්ලූර් කෝවිලේ පැවැත්වෙන උත්සවය හා දෙමළ ජනතාවගේ ප්‍රමුඛ කෘතියක් වන තිරුක්කුරල් ග්‍රන්ථය ඇතුළත් සමරු මුද්දර 2 ක් ප්‍රකාශයට පත් කළ අතර එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදුකෙරුණා.

අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ ගත වූ සතියක කාලය තුළ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන මගින් උතුරේ නොවිසඳුණු ගැටලු රැසකට විසඳුම් ලබා දුන් බවයි. අද (30) ආරම්භ කළ පේදුරුතුඩුව ධීවර වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි තුන්දහසකට වැඩි මුදලක් වැය කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එමගින් උතුරේ සියයට 40 ක පැවති ධීවර කර්මාන්තය මේ වන විට සියයට 10 දක්වා අඩු වී ඇති බවත් එය පෙර තත්ත්වය ඉක්මවා වැඩි දියුණු කිරීම මෙහි අපේක්‍ෂාව බවත් ජනාධිපතිතුමා සදහන් කළා.

එමෙන්ම වඩමාරච්චි ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් රුපියල් කෝටි 300 ක් වැය කරන බව ද ජනාධිපතිතුමා පැවසුවා. රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා තවදුරටත් කියාසිටියේ මෙම අවස්ථාවේ රට ගොඩනැගීම සදහා දේශපාලන වාද භේද අමතක කර රට වෙනුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවයි.

අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ කෘතවේදීත්වය පළ කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළා. තිරුක්කුරල් ග්‍රන්ථයේ තොරතුරු ඇතුළත් විශේෂ තිළිණයක් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළේ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතායි. පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමක් ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.

 

The post විධායකය අහෝසි කිරීමට තමන්ගෙන් බාධාවක් නැති බව ජනපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG