Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ දරුවන් රැසකට දෙමාපියන් අහිමි වෙයි  

Add comments

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළයාමත් සමග මාපියන් අහිමි වූ කුඩා දරුවන් රැසක් සිටින බව නවතම සමීක්‍ෂණයකින් හෙළිව තිබෙනවා.

බොහෝ දරුවන්ගේ මව හෝ පියා නැතහොත් ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිත අහිමිවී ඇති බවයි සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. එකම පවුලේ දරුවන් වුව ද ප්‍රතිකාර සදහා රෝහල් කිහිපයකට යොමුකර ඇති අතර සුව වූ පසු එම දරුවන් යළි භාරකරුවන් වෙත යොමුකර නොමැති බව ද එම සමීක්‍ෂණයෙන් හෙළිවී තිබෙනවා.

මෙවැනි දරුවන් පුනරුත්ථාපනය කිරීම හෝ රැක බලා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් මේ වන තෙක් ඉන්දියාවේ ක්‍රියාත්මකව නැහැ.පසුගිය අප්‍රේල් 1 වනදා සිට මැයි 25 වනදා දක්වා කාලය තුළදී කුඩා දරුවන් 577 දෙනෙකු පමණ මෙලෙස අනාථභාවයට පත්ව ඇති බව ඉන්දීය කාන්තා හා ළමා සුබසාධන අමාත්‍යවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.

 

 

 

 

The post කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ දරුවන් රැසකට දෙමාපියන් අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG