Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හමුදා භාරයට  

Add comments

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 48 ක් සිය භාරයට ගැනීමට යුද හමුදාව හා නාවික හමුදාව සමත්වුණා.

යුද හමුදා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාවේ ද සහාය ඇතිව පේදුරුතුඩුව මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණා. අදාළ ස්ථානයට යතුරු පැදි 2 කින් පැමිණි පිරිසක් ආරක්‍ෂක අංශ සාමාජිකයන් දැක එම යතුරුපැදි අතහැර පලාගොස් තිබෙනවා. එම යතුරුපැදිවල තිබූ උර කිහිපයක් පරික්‍ෂා කිරීමේදීයි මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනුණේ. බෝට්ටුවක් ද සිය භාරයට  ගැනිමට ආරක්‍ෂක අංශ සමත් වුණා.

සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී නිවසක් බිද රුපියල් ලක්‍ෂ 40 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සොරකම් කර ඒවා අලෙවි කළ සැකකරුවෙකු මහනුවර අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා. සැකකරුගේ නිවසට යාබදව පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් මෙම රන් භාණ්ඩ තොගය සොරකම් කර තිබෙනවා.

සංචරණ සීමා ක්‍රියාත්මකව තිබියදී ඒ සියල්ල නොසලකා හරිමින් වැඩි මිලට හා අනාරක්‍ෂිතව ජංගම වෙළෙදාමේ නිරත වෙළෙදුන් මාතලේ නගරයේදී පරික්‍ෂාවට ලක් කෙරුණා. සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද කිසිදු තැකීමකින් තොරවයි මොවුන් වෙළෙදාමේ නිරත වී ඇත්තේ. බේකරි නිෂ්පාදන ආයතන බොහොමයක් මෙසේ සෞඛ්‍යාරක්‍ෂිත නොවන අයුරින් නිෂ්පාදන සිදු කරන අයුරු මාතලේ මහ නගර සභාව කළ වැටලීමකදී හෙළිවුණා.

 

The post කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG