Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි  

Add comments

මෙරට 48 වන නීතිපතිවරයා ලෙස වැඩභාරගත් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවුණා.

නීතිපති ධුරයේ වැඩභාරගත් බවට දැනුම් දීම සඳහා පැමිණි නව නීතිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කළා. කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් හා එහිදී සමුද්‍රීය පරිසරයට සිදු වූ හානි සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළා. එහි නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ඉටුවනු ඇති බව නව නීතිපතිවරයා ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර ඔවුන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළා. නීතිපති දෙපාර්තමේන්තුවට අලුත් ගොඩනැගිල්ලක් ලබා දීම පිළිබද සංජය රාජරත්නම් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළා. තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

 

The post නව නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG