Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචරණ සීමා පැවතියත් එළවළු හා පළතුරු නිවෙස් අසලටම  

Add comments

සංචරණ සීමා පනවා තිබුණද ජනතාවට අවශ්‍ය එළවළු හා පළතුරු එම නිවෙස් අසලටම ගොස් බෙදාහැරීමේ වැඩපිලිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

මෙම වැඩපිළිවෙලට සහාය දක්වමින් ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග අලෙවි කිරීමේ කටයුතු අද දිනයේද සාර්ථකව සිදු වනවා. දඹල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබී තිබුණා. වැලිසර ආර්ථීක මධ්‍යස්ථානයෙන් එළවළු තොග මිලදීගැනීම සදහා වෙළෙදුන් විශාල වශයෙන් පැමිණ සිටියා. එමෙන්ම වෙනත් පළාත්වලින් මෙම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග වැඩි වශයෙන් ලැබී ඇති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. එළවළු සහ  පළතුරු නිවෙස්වලටම ගොස් අලෙවි කරන කුඩා පරිමානයේ වෙළෙදුන් සැළකිය යුතු පිරිසක් මෙම ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියා.

 

 

 

 

The post සංචරණ සීමා පැවතියත් එළවළු හා පළතුරු නිවෙස් අසලටම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG