Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එළවළු අතිරික්තයක් ඇති වුවහොත් සතොස හරහා මිලදීගැනීමට ජනපතිගේ අනුමැතිය ලැබෙයි  

Add comments

එළවළු අතිරික්තයක් ඇති වුවහොත් සතොස හරහා ඒවා මිලදිගැනීමට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගොවීන්ගේ  නිෂ්පාදන මිලදී ගැනීම සහ පාරිභෝගිකයන්ට අවශ්‍ය එළවළු හා පළතුරු තොග බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථාන මේ වන විට විවෘතව පවතිනවා. ඒ අනුව කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයට ද විශාල වශයෙන් එළවළු තොග ලැබී තිබුණා.

රාජ්‍ය අමාත්‍යවරයා බණ්ඩාරවෙල එළවළු තොග වෙළදපොලේද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සංචරන සීමා පනවා තිබුණද  තොග වෙළදාම සදහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර ඇති අවස්ථාවලදී විධිමත්ව ඒවායෙහි කටයුතු සිදු කිරීම සදහා ගත යුතු පියවර පිලිබද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කරුණු සොයා බැලුවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාද එක් වුණාත

 

 

 

 

 

 

 

 

The post එළවළු අතිරික්තයක් ඇති වුවහොත් සතොස හරහා මිලදීගැනීමට ජනපතිගේ අනුමැතිය ලැබෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG