Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනිගත් පර්ල්ගේ කපිතාන් ඇතුළු 25 කගෙන් ප්‍රකාශ ගන්න පොලීසිය සූදානම්  

Add comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න මේ වනවිට බොහෝ දුරට පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා පවසනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කළ පැමිණිල්ලකට අනුව නෞකාවේ කපිතාන් හා කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීම හෙට දිනයේ දී සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පිලිබද සාකච්ඡා කිරීමට අද නීතිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සියලු රාජ්‍ය ආයතනවල සහ නාවික හමුදාපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

මේ අතර ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය අද දිනයේත් නෞකාව ගිනි ගැනීම නිසා පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළා. මේ වනවිට නෞකාවේ තිබූ ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය කොළඹින් දකුණු ප්‍ර දේශයට ගොඩ ගසමින් පවතින අතර එම ද්‍රව්‍ය ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිනවා. මේ අතර ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය එම ස්ථානවලින් නියදි ලබාගෙන ඉදිරියටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සදහන් කළේ.

මෙම ප්‍ර දේශයේ ධීවර කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරඇති බැවින් දැනට වෙළදපොළේ පවතින මාළු අනුභවය සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නා ලෙසයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගිනිගත් නෞකාවේ වත්මන් තත්ත්වය පිළිබද නීරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයට අයත් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ නිරීක්ෂණ කටයුතුවල නිරත වුණා.

The post ගිනිගත් පර්ල්ගේ කපිතාන් ඇතුළු 25 කගෙන් ප්‍රකාශ ගන්න පොලීසිය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG