Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හුදෙකලාව තිබූ UNP පාර්ලිමේන්තු අසුනට රනිල්ව නම් කරයි  

Add comments

මේ රටේ  පැරණිතම වගේම දීර්ඝ කාලයක් රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය පසුගිය මහමැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වුනු තැනකට ඇදගෙන වැටුනා.

ඒ වගේ දැවැන්ත පක්ෂයක් තමන්ට හිමිවෙච්ච එකම මන්ත්‍රී ධුරයටවත් කෙනෙකු නම් කරගන්න බැරිව මාස 09 කටත් වැඩි කාලයක් කල් මැරුවා. හැබැයි ඒ ප්‍රශ්නෙත් අද විසදන්න එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන  තිබෙනවා.  ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මා  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමටයි.

එක්සත් ජාතික පක්ෂ කෘක්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද රැස් වුණා. එහිදී ගත් මෙම තීරණය පිලිබද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත හෙළි කිරීමට හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පියවර ගත්තා.

 

 

 

 

 

 

 

 

The post හුදෙකලාව තිබූ UNP පාර්ලිමේන්තු අසුනට රනිල්ව නම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG