Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ ගැටලු ගැන අවධාරණය  

Add comments

කොරෝනා වයිරසයේ බලපෑමට ලක් වී සිටින ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ගැන සේම පෞද්ගලික අංශයේ සියලුම සේවක සේවිකාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අවධානය යොමු කරන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් බී කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයා අවධාරණය කළා.

පසුගිය දිනවල ඇතැම් ඇගළුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන් ඇතැම් පාර්ශ්ව කම්කරු දෙපාර්තමේන්තුවට ද්වේශ සහගත චෝදනා එල්ල කර තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව එම සියලු චෝදනා ප්‍රතික්ශේප කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කොවිඩ් ආසාදිතයින් හදුනාගත් ඇගළුම් කර්මාන්තශාලාවල සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීමටත් සෞඛ්‍ය කමිටු සතියකට වරක් රැස්ව සේවක සේවිකාවන් පිළිබද නිරන්තරයෙන් අවධානය යොමු කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

වයිරසය පැතිරීම සෞඛ්‍ය කමිටු පිහිටවා නැති නිසා ඇති වූවක් බවට ඇතැමුන් ගෙන ගිය ප්‍රචාරවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන් සේවයට නොකැදවන ආකාරයෙන්ම පෞද්ගලික අංශයේ සේවයේ නිරත ගැබිණි මව්වරුන්ටත් එම වරප්‍රසාදය ලබාදෙන ලෙස කර්මාන්තශාලා හාම්පුතුන්ගෙන් දැනටමත් ඉල්ලීම් කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ  සේවක සේවිකාවන්ටත් එන්නත්කරණයේ දී ප්‍රමුඛතාව ලබාදීමටයි අවධානය යොමු කර ඇත්තේ.

මෙවැනි වසංගතයක් පවතින මොහොතක එකිනෙකාට චෝදනා කර ගැනීම නවත්වා සියලු දෙනා එක්ව  ඇතිව තිබෙන තත්ත්වයට මුහුණ දීමට කටයුතු කළ යුතු බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයෙන්  තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ.

The post කොරෝනා බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ ගැටලු ගැන අවධාරණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG