Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙල්ලන්විල පන්සලෙන් කළුබෝවිල රෝහලට ලක්‍ෂ 12 ක ශ්වසන ආධාර යන්ත්‍රයක්  

Add comments

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර කමිටුවේ අරමුදලින් ශ්වසන ආධාර යන්ත්‍රයක් කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ලබා දුන්නා.

මෙම යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 12 කට අධිකයි. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්වහන්සේ මෙම යන්ත්‍රය කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාට ලබා දුන්නා.

කුරුවිට කටුපියඔරාව විහාරස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහන අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හා හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන මහත්වරුන්ගේ නිරීක්‍ෂණයට ලක්වුණා.

කොරෝනා මර්දනයට කැපවී සිටින සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිරිමත් කිරීම මැතිඇමතිවරුන් ඇතුලු සියලු දෙනාගේ වගකීමක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මීරිගම රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටු සංකීර්ණය සදහා අවශ්‍ය ජල පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදය ක්‍රියා කළා. මෙම වාට්ටු සංකීර්ණයට ජලය නොමැතිකමින් ගැටලු රැසක් මතුව තිබුණා. ඒ පිළිබද කඩිනම් අවධානය යොමු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදය අදාළ ගැටලුව විසදීමට පියවර ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

The post බෙල්ලන්විල පන්සලෙන් කළුබෝවිල රෝහලට ලක්‍ෂ 12 ක ශ්වසන ආධාර යන්ත්‍රයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG